මගේ වැන්දල පලතුරු වත්තට අලුත බැදපු ජෝඩු ඡායාරූප ගැනීමට පැමිණිම සුලබව දැකිය හැකිය. එවන් අවස්ථාවක ඔවුන් මාවෙත පැමිණ වචන කීපයක් කථා කරන අතර මා ඔවුන්ට සුබ පැතුම් ගෙන එන්නේ ඔවුන්ගේ අලුතින් පටන් ගන්නා යුග ජීවිතය ඉතාමත් සාර්ථක වේවායි යන්න ප්රාර්ථනා කරමිනි.
මා සිටින එවන් අවස්ථාවක ඔවුන්ට පළතුරු පැලයක් ප්රධානය කිරීම මගේ සිරිතකි. ඔවුන්ගේ ජීවිතය ගලායන සෑම වසරක් පාසා වැන්දල වත්තේ පලතුරු පැලයද දිනෙන් දින පරිසරයේ කොහේ හෝ තැනක වර්ධනය වනු ඇත. මෙහි සුවිශේෂී කරුණ වන්නේ තවත් එක් පැලයක් පරිසරයට එකතුවීම නිසා එය පාරිසරික වශයෙන් වැදගත් වීමයි.
නව යුග දිවියට පාතැබූ ඔඹ සියළු දෙනාට මාගේ සුබ පැතුම් එක්කරමි.






