Ranjith Siyambalapitiya

හදවත් අතර බැදුණු ආදරයෙන් පරිසරයටත් ආදරය කරමු..

මගේ වැන්දල පලතුරු වත්තට අලුත බැදපු ජෝඩු ඡායාරූප ගැනීමට පැමිණිම සුලබව දැකිය හැකිය. එවන් අවස්ථාවක ඔවුන් මාවෙත පැමිණ වචන කීපයක් කථා කරන අතර මා ඔවුන්ට සුබ පැතුම් ගෙන එන්නේ ඔවුන්ගේ අලුතින් පටන් ගන්නා යුග ජීවිතය ඉතාමත් සාර්ථක වේවායි යන්න ප්‍රාර්ථනා කරමිනි. මා සිටින එවන් අවස්ථාවක ඔවුන්ට පළතුරු පැලයක් ප්‍රධානය කිරීම මගේ සිරිතකි. ඔවුන්ගේ ජීවිතය ගලායන […]

“මගේ පලතුරු අරණ” පොත අස්ගිරි,මල්වතු මහා නාහිමිවරුන් වෙත පිලිගැන්වීම..

2026.05.08 දින මහනුවර ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරු මුණ ගැසී “මගේ පලතුරු අරණ” පොත උන්වහන්සේලාට පිරි නැමුවෙමි. මා මිත්‍ර ආචාර්යය සුබ හීන්කෙන්ද මහතාද එම අවස්ථාවට සහභාගි වූ අතර, මහ නාහිමිවරු පොත ගැන දැක්වූ උනන්දුව අප දෙදෙනා බොහෝ දිරි ගන්වනු සුළු විය.

“මගේ වැන්දල පළතුරු අරණ” පොත දොරට වැඩීම..

“මගේ වැන්දල පළතුරු අරණ” පොත 2026/04/30 වන දින දොරට වැඩීය. ඒ අපේ ගෙදර මිදුලේ සැකසූ චාම් වේදිකාවක කොළඹ ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. අනෙකුත් විශේෂ අමුත්තන් වූයේ අපේ වැන්දල පංසලේ විහාරාධිපති හාල්යායේ ආරියවංශ නායක ස්වාමීන් වහන්සේත් ප්‍රදේශයේ හින්දු, මුස්ලිම්, කතෝලික පූජක වරුන් තිදෙනෙකුත්, ආදිවාසී නායක වන්නිල ඇත්තෝත් ය. තවත් විශේෂ අමුත්තකු වූයේ පලතුරු අරණේම […]

රාජසිංහ රජුගේ ඉතිහාස කතාවෙන් බිඳක් සොයා ගියෙමි

කටේ කිරිසුවඳ යන්නට පවා බැරි වුණායුධට උපන් කුමරිදු යැයි පතල වුණාමුල්ලේරියාවේ වෙලේ වතුර ලෙයට හැරවුණාටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා සොළොස් වියේදී සීතාවක මහා සේනාව මෙහෙයවූ මායාදුන්න රජුගේ පුතණුවන් ටිකිරි බණ්ඩාර කුමරුවන් පසුව (සීතාවක රාජසිංහ) පිළිබඳ ජන කවියා උදම් වූයේ එසේය. නිතර නිතර සීතාවක යුද බෙර වැයුනාකොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගනන් උනාපරංගි දේසේ රජුටත් […]

දෙමාපියන්ගේ සතුටට කුඩා වචනයක් වුවද ප්‍රමාණවත්ය

රුවන්වැල්ල, මොරාවත්ත, සෝමරතන වැඩිහිටි නිවාසයේ මාපියන් වෙත ඇස් කණ්නාඩි ලබා දුනිමි. අපේ සාරධර්ම අනුව නම් වැඩිහිටි නිවාස කියා දෙයක් තිබිය නොහැක. එහි සිටි එක් අම්මා කෙනෙක් මා හොදින් අදුනන්නේය. ඇයගේ දියණිය සතියකට පෙර මගුල් ගෙදරකදී මට හමුවිය. පෙනුමෙන් ඇයට සරුසාර පාටය. දියණිය හමුවූ බව කියා කියන්නට දිව අගටම ආවත් ඒ අම්මාට දුක හිතෙයි කියා මා […]

ප්‍රේමරත්න මහතා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා

අප වාර්ෂිකව සංවිධානය කරන වෙසක් දන්සලේදී කාර්ය මණ්ඩලයේ සිට මියගිය හිතවතුන් සමඟ ප්‍රේමරත්න ලේකම්තුමාවද සිහිපත් කර පුණ්‍යානුමෝදනා කෙලෙමි. ඔහුගේ ඥාතීන් වෙනුවෙන් ඊට සහභාගී වූයේ එතුමාගේ එකම දියණිය වූ උපාධිධාරී ගුරුතුමියයි. ප්‍රේමරත්න මහතාගේ මැතිණිය මේ දිනවල රෝගාතුරවය. විශේෂත්වය වූයේ දියණිය මේ වන විටත් මෙහෙණි සසුනට ඇතුළත්ව සිටීමයි. අප හැම තම පියාව සිහිපත් කර පින් අනුමෝදන් කරන […]