Ranjith Siyambalapitiya

ප්‍රේමරත්න මහතා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා

ලිපිය බෙදාගන්න

අප වාර්ෂිකව සංවිධානය කරන වෙසක් දන්සලේදී කාර්ය මණ්ඩලයේ සිට මියගිය හිතවතුන් සමඟ ප්‍රේමරත්න ලේකම්තුමාවද සිහිපත් කර පුණ්‍යානුමෝදනා කෙලෙමි. ඔහුගේ ඥාතීන් වෙනුවෙන් ඊට සහභාගී වූයේ එතුමාගේ එකම දියණිය වූ උපාධිධාරී ගුරුතුමියයි. ප්‍රේමරත්න මහතාගේ මැතිණිය මේ දිනවල රෝගාතුරවය. විශේෂත්වය වූයේ දියණිය මේ වන විටත් මෙහෙණි සසුනට ඇතුළත්ව සිටීමයි. අප හැම තම පියාව සිහිපත් කර පින් අනුමෝදන් කරන විට උන්වහන්සේ උපේක්ෂාවෙන්,නිවුනු සිතින් අප දෙස අනුකම්පාවෙන් බලා සිටියාය. ඒ ඇය තම පියාට සසර කෙටිකර දීම සඳහා උගත් තරුණ දියණියකට කළ හැකි උපරිම පරිත්‍යාගය කළ නිසා විය යුතු යැයි මට සිතුණි. උන්වහන්සේ නිහඩව කියන්නට ඇත්තේ “අනේ ඇමතිතුමා මම පියා, මව පමණක් නෙමෙයි හතර වරිගයම එතෙර කරන්නට කල හැකි උපරිම කැපවීම කල දියණියක්” කියාය.

තවත් ලිපි කියවන්න