ශ්රී ලංකා වරලත් බදු උපදේශන ආයතනයේ නාමකරණය වෙනුවෙන් පැවති උත්සවයට සහභාගි වුණා. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු විද්වත් ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවේදී මා අවධාරණය කළේ බදු ගෙවන ජනතාව සහ පාලනාධිකාරිය අතර දුරස්ථභාවය අවම කිරීම සඳහා රජය දැඩි උවමනාවෙන් කටයුතු කරමින් සිටින බවයි