Ranjith Siyambalapitiya

විදුලිබල මණ්ඩලයේ ආධුනික කාර්මිකයින් ස්ථිර කර ගැනීම

පුවතේ ගැලරිය

වසර පහක පුළුල් ප්‍රායෝගික හා න්‍යායික පුහුණුවකින් පසු ආධුනික කාර්මිකයින් ස්ථිර කර ගැනීම විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කල සුවිශේෂී වැඩපිළිවෙලකි. මෙම තරුණයින් කුඩා දීමනාවක් මත පුහුණුවන කාල සීමාවේදී මණ්ඩලය වෙනුවෙන් ඉතා කැපවීමෙන් සේවය කිරීමද වැදගත්ය. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරණයේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ සේවක අයිතිවාසිකම් ආරක්ෂාවයි. එය පැහැදිලිව සාක්ෂාත් කරමින් ජනාධිපතිතුමාගේ නියමෙයෙන් විදුලිබල අමාත්‍යතුමා මෙම පිරිස බදවාගත් පිළිවෙලට කණ්ඩායම් වශයෙන් සේවය ස්ථිර කිරීම ක්‍රමාණුකූලව කරනු ලබයි. ප්‍රායෝගික හේතුමත අවසාන කන්ඩායම් දෙක ස්ථිර කිරීම මදක් පමාවීම නිසා ඔවුන් පියෙක් සොයා එන පුතුන් සේ මා සොයාගෙන ආවේය. තරුණ මනස සැකයෙන් පිරවීමට අවශ්‍ය විශබීජ නිශ්පාදකයින් වර්තමාන සමාජයේ වැහි වැහැලාය. ඔවුන් කලබල වෙලාය. අමාත්‍යංශයෙන් විමසා ඉතා නුදුරේදීම ඔවුන් ස්ථිර සේවයේ පිහිටවන බව තහවුරු කර ඔවුන්ගේ සිතට සහනයක්දී පිටත් කෙලෙමි. මහජන නියෝජිතයකුගේ ප්‍රධාන වගකීම වන්නේ ජනතාවගේ මෙවැනි ප්‍රශ්ණ සදහා විශ්වාසයනීය මැදිහත්කරුවකු වීමයි. එසේ නොමැති වූ විට කිසිදු හේතුවක් නොමැතිව සමහරුන් නිර්මාණය කරන ප්‍රශ්ණ මහා පෙරලි දක්වා දිග් ගැස්සෙන්නේය. එවැනි අත්දැකීම් අපට ඕනෑතරම් ඇත.

පුවතේ ගැලරිය