Ranjith Siyambalapitiya

බෙලිගල රාජමහා විහාරයේ සත් පෙරහැර මංගල්‍ය

පුවතේ ගැලරිය

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විහාරස්ථාන අතුරින් බෙලිගල ශ්‍රී විජය සුන්ධරාරාම විහාරස්ථානයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කාලිංග මාග ආක්‍රමණයෙන් පසු පොළොන්නරුව රාජධානිය බිද වැටීමත් සමග තුන් වන විජයබාහු රජතුමා සංක්‍රමණය වන්නේ දඹදෙනියටයි. එහිදී දන්ත ධාතූන් වහන්සේ සුරක්ෂිතව වැඩ හිදුවා ඇත්තේ බෙලිගලයි. එසේම දේවානම්පියතස්ස රජ සමයෙහි දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක් රෝපණය කර ඇති අතර එම ඉතිහාසය ක්‍රි.පූ. යුගය දක්වා ඈතට විහිදීයයි. වසර 1300 ක් පමණ පුරාවට බෙලිගල රාජමහා විහාරය මුල්කරගෙන පවත්වන සත් පෙරහැර මංගල්‍ය ඊයේ දින (23) පැවෙත්වුන අතර වෙනත් වර්ෂවල මෙන්ම ඒ සදහා මෙවරත් සහභාගී වුයේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන් මේ සදහා දක්වන්නා වූ සුවිශේෂී කැපවීම අගය කළයුතු නිසාමය. මට කල හැකි උපරිම දායකත්වය දැක්වූයේද ශ්‍රී ලංකා රූපවාහිනිය මගින් ලොවටම බෙලිගල පෙරහැර මංගල්‍ය ජූනි 01 වන සෙනසුරාදා විකාශනය කිරීමටද කටයුතු සැලසුම් කලේ මහත් ධෛර්යෙන් මේ සදහා කැපවෙන සියලු දෙනා ශක්තිමත් කිරීම සහ ඉදිරි පරම්පරාවට මේවා රැක දීමටයි

පුවතේ ගැලරිය