වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල, නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති AI Grow සමාගමට අයත් හරිතාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට අද (17) පෙරවරුවේ ගරු ජනාධිපතිතුමා සමග එක් විය. විශේෂයෙන්ම ආචාරය හර්ෂ සුභසිංහ මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ, ගලිගමුව ආසනයේ, යට්ටෝගොඩ ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු තරුණයකු ලෙස අපට ආඩම්බරයට කරුණකි.
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රයේ වසර 07කට වැඩි පළපුරුද්දක් ඇති AI Grow සමාගම කෘත්‍රිම බුද්ධිය (AI) සමඟ හරිතාගාර වගාව සහ විවෘත වගාව යන දෙඅංශයම ස්වයංක්‍රීය ක්‍රම මඟින් පවත්වාගෙන යනු ලබයි. ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් නිපදවා තිබෙන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ සහ යතුරු පැදි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් විය. අනතුරුව එම පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා සැළසුමකට අනුව නවීන කෘෂිකර්මාන්තය රටට හඳුන්වා දිමට කටයුතු කරන බවත්, ඊට අවශ්‍ය මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් බවත් පැවසීය