Ranjith Siyambalapitiya

පින්නවල සිට කිතුල්ගල දක්වා සංචාරක කොරිඩෝවේ වැඩ ඇරඹෙයි

පුවතේ ගැලරිය

කෑගල්ල දිස්ත්‍රික් ජනතාවගේ ජීවන තත්ත්වය කැපී පෙනෙන ලෙස කෙටි කාලයක් තුළ නගා සිටුවිය හැකි ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානයට ලක්විය. අප බොහෝ සාම්ප්‍රදායික දේ ශතවර්ෂ කාලයක් කරගෙන ආවත්, රජය විසින් විවිධ කැපවීම් කලත් තවමත් ජීවන තත්ත්වයන් වඩාත් පැහැදිලි වෙනසකට ලක්වී නොතිබීමද දැඩි අවධානයට ලක්විය.

සංචාරක ආකර්ෂණය පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇති ඉඩකඩ අවධානයට ගැනිණි. දර්ශනීය භූ විෂමතා, ජෛව විවිධත්වයේ අනේක විධි වටිනාකම්, මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනා ස්ථාන, විශේෂ සංස්කෘතික උරුමයන් අපට ඕනෑ තරම් ඇත. අවශ්‍ය වන්නේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ගමන ආරම්භක ස්ථානයක් ,ගමන් මධ්‍යයක් හෝ ගමනාන්තයක් ලෙස කෑගල්ලට අවධානය යොමු කිරීමට අවශ්‍ය සැලසුම් සහ පසුබිම සැලසීමයි.

2024 අයවැය සකස් කිරීමේදී මාගේ ඉල්ලීමකට අනුව අතිගරු ජනාධිපතිතුමා මේ තත්ත්වය පිළිබඳ අවබෝධ කරගෙන වසර තුනක ව්‍යාපෘතියක් යටතේ කෑගලු දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විශේෂයෙන් කිතුල්ගල සහ පින්නවල සංචාරක කොරිඩෝවට සම්බන්ධ කර මුළු දිස්ත්‍රික්කයම ඒකාබද්ධව සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් එමගින් මුළු දිස්ත්‍රික්කයටම එහි ප්‍රතිඵල ලබාදීමට 2024 වර්ෂයට රුපියල් මිලියන 750ක මුදලක් ලබාදීම ඉතාමත් වැදගත්ය. ඉදිරි වර්ෂ දෙකේදී මේ සඳහා අවශ්‍යතාවය මත තවත් වැඩි වැඩියෙන් ප්‍රතිපාදන යෙදවීම ව්‍යාපෘතියේ බලාපොරොත්තුවයි. පළමු වසරේ දී විශේෂයෙන් අවධානය යොමු වී ඇත්තේ මෙවැනි ස්ථාන සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. දෙවන වර්ෂවලදී සංකල්පමය වශයෙන් මෙම ස්ථාන දියුණු කිරීම කෙරෙහි මෙන්ම දේශීය සහ විදේශීය සංචාරක අවධානය ලබා ගැනීම කෙරෙහිද ව්‍යාපෘතිය යොමුවීමට බලාපොරොත්තුවේ.

අද දින වැඩ ඇරඹුනේ විශේෂයෙන්ම සංචාරක කොරිඩෝවේ මධ්‍යස්ථානය ලෙස වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන ගලිගමුව නගරය ආශ්‍රිතව පිහිටි යට්ටෝගොඩ, සියඹලාපිටිය ප්‍රදේශයේ වසර දෙදහසකට වඩා පැරැණි විනාශවීමට ගිය ඉතාමත් පෞරාණික සිද්ධස්ථානයක් වූ යටහ‍ලෙන රජමහා විහාරස්ථාන‌ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කිරීමයි. මෙම ස්ථානය දුටුගැමුණු මහරජතුමාගේ මුත්තණුවන් වූ යටාලතිස්ස කුමරුවන් ඉපදුණ ස්ථානය යැයි මෙහි ඇති සෙල්ලිපි සාක්ෂි දරයි.

එවන් වටිනාකමක් ඇති මෙම ස්ථානය ආරක්ෂා කොට වැඩි දියුණු කිරීම දැවැන්ත ව්‍යාපෘතිය සංකේතවත් කරමින් වැඩ ඇරඹීමට ලැබීම සුවිශේෂී කරුණකි. මෙම වසරේ ඇරඹීමට නියමිත පහත සඳහන් ව්‍යාපෘතීන් සියල්ල අගෝස්තු මාසය තුළ වැඩ ආරම්භ කිරීමට මේ වන විට සියලු සාකච්ඡා නිමවා අවශ්‍ය අනුමැතිය ලබාදීම වැදගත්ය.

ඉදිරියේදී සංචාරක කොරිඩෝව ව්‍යාපාතිය යටතේ සිදුකිරීමට නියමිත යෝජිත සංවර්ධන යෝජනා
දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

1. තිඹිරිපොල රාජසිංහ රජසමයෙහි සිරිපතුල පිහිටි ස්ථානය සංවර්ධනය කිරීම
2. හකුරුගල පංසලට රුවන්වැල්ල නගරයේ සිට යන කම්බිපාලම අළුත් වැඩියා කිරීම.
3. ඵෙතිහාසික රූකාසල් කම්බිපාලම අළුත්වැඩියා කිරීම.
4. ඵෙතිහාසික මානියංගම්මන රජමහා විහාරයේ පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම.
5. ඵෙතිහාසික වෙහෙරගල (වෙහෙරකඩගල) ‍ රජමහා විහාර පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම.
6. කුරුපැත්ත, හකුරුගල රජමහා විහාරයේ ප්‍රෙව්ශ මාර්ගය සංවර්ධනය කිරීම සහ බිතු සිතුවම් සංරක්ෂණය කිරීම.
7. සීතාවක රජ මාලිගාව, බැරන්ඩි කෝවිල, රාජසිංහ සොහොන පරිශ්‍රය සදහා විස්තරාත්මක පුවරු යෙදීම සහ සීතාවක මංසන්ධියේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහිත මාර්ග සිතියමක් ඇතුලත් පුවරුවක් සවි කිරීම.

රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
1. රුවන්වැල්ල ‍නගරයේ ඵෙතිහාසික බලකොටුවේ දැනට ඉතිරිව ඇති දොරටුව සංවර්ධනය කිරීම.
2. ඵෙතිහාසික කටු උණ පදුර පිහිටි භූමිය වැඩි දියුණු කර සංරක්ෂණය කිරීම.
3. මැදගොඩ පත්තිනි දේවාල භූමියේ සංවර්ධන කටයුතු.
4. හුඹස්වලාන සැතපෙන මුදු පිළිම වහන්සේගේ මල් ආසනය සකස් කිරීම.
5. සදානන්ද ටැම්පිට විහාරස්ථානයේ ගොඩනැගිල්ලේ දෙවන මහලේ බිත්ති බැද අවසන් කිරීම.
6. බටුවිට ටැම්පිට විහාරයේ පූජා භූමි සංවර්ධනය.

7. දුණුමාල ඇල්ල පඩිපෙළක් යොදා මාර්ග සංවර්ධන කිරීම.
8. වංගෙඩි මෝල් ඇල්ල සංචාරක ආකර්ශණිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම.
9. ගොරකා ඇල්ල වෙත ගමන් ගන්නා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
10. රුවන්වැල්ල නගරයේ ජුබිලි අම්බලම සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම.

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
1. දේදුගල දොලොස්බාගේ මාර්ගය වැඩි දියුණු කොට සංවර්ධනය කිරීම.
2. උඩුව දොතල් ඔය මාර්ගය සංවර්ධනය කිරීම.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
1. නාගස්තැන්න සංචාරක කළාපය සංවර්ධනය කිරීම

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
1. ඉද්දමල්පාන රජමහා විහාරයේ රාජාධි රාජසිංහ රජතුමා විසින් කරවූ විහාරගෙය සංරක්ෂණය කිරීම.

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
1. ඵෙතිහාසික බෙලිගල රජමහා විහාරස්තානයේ රථගාල ඉදිකිරීම.
2. තෙලි ඇල්ල ආශ්‍රිත ස්වභාවික සංචාරක කලාපය සදහා පිවිසුම් මාර්ගය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
3. ඉහළ ලෙනගල ඵෙතිහාසික ලෙනකඩුව විහාරස්ථානයේ පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම.
4. අඹලෙන පිවිසුම් මාර්ගය සහ පඩිපෙළ සංවර්ධනය කිරිම (මලන්දෙනිය)
5. පහළ ලෙනගල විහාරස්ථානයේ රථගාල ඉදි කිරීම.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
1. දික්ඇල්ලකන්ද ශ්‍රී පාද මාර්ගය පන්දෙනිය මාර්ගයේ සිට ශ්‍රී පාද අඩවියට ඇතුළු වන ස්ථානය ආසන්නායේ සිට පන්දෙනිය ඔය හරහා ශ්‍රී පාද රක්ෂිතයට ඇතුළු වන ස්ථානය දක්වා කම්බි පාලමක් ඉදිකිරීම.
2. ශ්‍රි සුමන සමන් දේවාලයේ පිවිසුම් මාර්ගය ඇති පාලම ඇදි යොදා සංවර්ධනය කිරීම සහ රථගාල නවීකරණය කිරීම.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
1. උතුවන්කන්ද සරදියල් ගල ස්ථානය සංවර්ධනය කිරීම.
2. පහළ කඩුගන්නාව නැරඹුම් මධ්‍යස්ථානයක් සකස් කිරිම සහ ඒ ආශ්‍රීත සංවර්ධන කටයුතු.
3. මාවෙල වලගම්බා රජමහා විහාරයේ සංවර්ධන කටයුතු.
4. පත්තිනි දේවාලයේ සංවර්ධන කටයුතු.
5. ගල්ගනේ රජමහා විහාරයේ (පුංචි දඹුල්ල) ප්‍රවේශ මාර්ගය ඇතුළු සංවර්ධන කටයුතු.

මිට අමතරව මෙම සංචාරක කොරිඩෝවට අයත් මෙම සංකල්පයට ගැලපෙන යෝජනා පිළිබද බොහෝ වැදගත් අදහස් ඔබ සතුව පැවැතිය හැක. වසර 03ක ව්‍යාපෘතියක් නිසා ඒ සියළු යෝජනාවන් පිළිබද අවධානය යොමුකිරීමට පැහැදිලි ඉඩක් ඇති බැවින් එම යෝජනාවන් අප්‍රමාදව අපවෙත ලැබිමට සලසන්නේනම් ඉතාමත් වැදගත්ය.

  • වෙබ් පිටුවේ “ඔබේ අදහස් මට කියන්න“ ලින්ක් එක තුලින්
  • Email – siyambalapitiya2024@gmail.com
  • WhatsApp – 076 363 0491
  • තැපෑලෙන් – මහජන පියස, වැන්දල, රුවන්වැල්ල
පුවතේ ගැලරිය