
රුවන්වැල්ල රාජසිංහයේ දරුවන්ට පමණක් නොව තුන්කෝරලයේම දරුවන් සදහා ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ඉදිකිරීමේ වැඩපිළිවෙල විවිධ බාධක මැද ඉදිරියටම කරගෙන ආ අතර පසුගිය කාලයේ ඇති වූ කොරෝනා වසංගතයත් ඉන්පසු ඇති වූ ආර්ථික කඩා වැටීමත් සමග මේ සියල්ල අඩපණ විය.
නමුත් ඒ සියළු බාධක මැද පසුගිය දිනෙක ජනාධිපතිතුමා සමග කරන ලද සාකජ්චාවක ප්‍රතිළුලයක් ලෙස එතුමා විසින් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට කටයුතු කල අතර එහි වැඩ නැවත ආරම්භ කිරීමට හැකිවිය. විද්‍යාලයේ විදුහල්පතිතුමා, ක්‍රීඩා පුහුණුකරුවන්, බොහෝ ගුරුභවතුන්, දෙමාපියන් සහ දරු දැරියන් ඒ සම්බන්ධව දක්වන අවංක උනන්දුව මේ සදහා මහත් ධෛර්යක් ඇතිවිය. ඉදිරියටත් වැඩ අවසන් වනතුරු නිතිපතා ප්‍රගති සමාලෝචන කරමින් සොයා බලමින් එහි වැඩ නිමකර දීම අධිෂ්ඨානයයි.