Ranjith Siyambalapitiya

රංජිත් නවරත්න මැතිතුමාගේ එකොළොස්වන ගුණානුස්මරණ උත්සවය

පුවතේ ගැලරිය

මහජන පක්ෂයේ හිටපු නායක රංජිත් නවරත්න මැතිතුමාගේ එකොළොස්වන ගුණානුස්මරණ උත්සවයට අතිගරු ජනාධිපතිතුමාගේ සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා සහභාගි වූයෙමි. එයට අමතරව මා ප්‍රකාශ කළේ මහජන පක්ෂය සැමදාමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලද දැවැන්ත කැපවීම පිළිබඳවයි. එමෙන්ම ඔවුන් 1984 විජය කුමාරතුංග මැතිතුමාගේ නායකත්වයෙන් ඇරඹූ දා සිටම ප්‍රගතිශීලි පිළ දිනවීම සඳහා දැක්වූ දැවැන්ත නායකත්වයයි. එසේවුවත් මා විශේෂයෙන් සඳහන් කළේ ප්‍රගතිශීලීපිල හඳුනා ගැනීමේදී වර්තමාන යුගයේදී සාම්ප්‍රදායකත්වයෙන් වෙනස් වූ යථාර්ථය සමඟ ගැලපෙන සොයා බැලීමක් කළ යුතු බවයි. ප්‍රතිගාමී නොවන, වැඩි දෙනකුගේ දියුණුව වෙනුවෙන් අභියෝගය හමුවේ නායකත්වය දෙන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ලෙස ප්‍රගතිශීලීත්වය හදුන්නවා තිබෙනු දුටුවෙමි. මා මහජන පක්ෂයට යෝජනා කළේ ප්‍රගතිශීලීත්වය හඳුනා ගැනීමේදී ඒ යථාර්ථය අවබෝධ කරගැනීමේ ඇති වැදගත්කමය. එසේම විශේෂයෙන්ම වර්තමාන මහජන පක්ෂයේ නායකත්වය අසංක නවරත්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, අපේ හිතවත් සහෝදරයා ඇතුළු පක්ෂයේ සියලුම සාමාජයකින්ට හෘදයාංගම සුබ පැතුම් එක් කෙලෙමි

පුවතේ ගැලරිය