Ranjith Siyambalapitiya

නාගස්තැන්න, කැන්දැල්ඔය සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය

පුවතේ ගැලරිය

නාගස්තැන්න, කැන්දැල්ඔය වතු මූලික කරගෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලය සංවිධානය කල සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගී වූයෙමි. එම වතුවල අවුරුදු උත්සවයක් සංවිධානය වූයේ ප්‍රථම වතාවට බව වැඩිහිටියෝ කියති. දරුවන් අප්‍රමාණ සතුටක් භුක්ති විදිනු මා බලා සිටියේ ඉතාමත් සොම්නසිනි. සැමවිටම ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවීමට රජය පියවර ගනිමින් සිටී. ප්‍රධාන වශයෙන් හිග ඇති සේවක අර්ධ සාධක අරමුදල් භාරකාර අරමුදල් කෝටි පන්සියයක ප්‍රමාණය භාණ්ඩාගාරයෙන් ගෙවීමට මේ වන විට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. ඒ වගේම ඔවුන්ගේ නිවාස සදා ගැනීමට ලබාදුන් ඉඩම් සදහා සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියට යමින් සිටී. වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබදව ජනාධිපතිතුමාම සමාගම් වලට කරුණු දක්වා ඇත. ඇත්ත වශයෙන්ම රට ඉදිරියට ගෙන යාමට නම් වතුකරයේ ප්‍රජාවගේ ජීවනෝපාය වර්ධනය කරමින් සැබෑ වැවිලි ව්‍යවසාය සංවර්ධනයක් ඇති කරගත යුතුය. ඒ සදහා සැමගේම අවධානය යොමුවීම ඉතාමත්ම වැදගත්ය.

පුවතේ ගැලරිය