Ranjith Siyambalapitiya

ගරු ජනාධිපති අතින් නව පැඟිරි කුලයේ පැලයක් රෝපණය කෙරේ

පුවතේ ගැලරිය

ශ්‍රී ලංකාවේ වැවෙන පළතුරු වර්ග 400 ඉක්මවා ගිය එකතුවක් අපේ ගෙදර වත්තේ තිබේ. අද විශේෂයකි. ඊට අලුත් අමුත්තෙක් පැමිණීම එහි විශේෂත්වයයි. පැගිරි කුළයේ (Rutaceae) එකතුවට විවිධ වර්ණ පත්‍ර සහිත දෙහි පැළයක් එකතු වීම විශේෂ කරුණයි. ඒ සදහා රටට නායකත්වය දෙන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැමිණිම තවත් විශේෂත්වයකි. එතුමාගේ සුරතින් එම පැළය රෝපණය කර පළතුරු එකතුවේ වර්ග සදහන් මුද්‍රිත පොතක් එතුමාට පිරිනැමුයේ කෘෂිකර්මය සහ සංචාරක කර්මාන්තය තුළින් ඉදිරියට යන ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට විශේෂ දැක්මක් ඇති එතුමාට අපිට ආවේණික වන පළතුරු එකතුවක ඇති වැදගත්කම ඉදිරි සැලසුම් සඳහා වැදගත් වනු ඇතැයි සිතූ හෙයිනි.


දෙහි කුලය – Rutaceae
උද්හිද විද්‍යාත්මක නාමය – Citrus reticulata

පුවතේ ගැලරිය