ධාරානිපාත වර්ෂාවත් සමග ආපදා ඇරඹිලාය. හැමදාමත් විවිධ ආපදාවන්ට ලක්වුණ කඩුගන්නාව ප්‍රධාන මාර්ගය මෙවරත් ආපදා ලකුණු පළකර ඇත. විශාල ගසක් හඳුනාගත් නොහැකි ස්ථානයක සිට කුඩා කඩයක් සුන්බුන් කරමින් මාර්ගය හරහා ප්‍රපාතයට පෙරළී ගොස්ය. ගල් කිහිපයක් ද ආපදාවකට අත වනමින් රැඳී ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ස්ථාන පරීක්ෂා කොට අනතුරු හැගවීමක් කර ඇත. ඉන් සමහර කාරණා සඳහා වහාම මැදිහත් යුතුය. කෑගල්ල මහ දිසාපතිතුමා, පොලීසිය සමඟ ගොස් ඒ පිළිබඳ පරීක්ෂා කර බැලුවෙමි. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කරුණු හතරක් අවධාරණය කර ඇත.
01. හැකි ඉක්මනින් අවදානම් සහිතව රැඳී ඇති ගල් විනාශ කිරීම.
02. ආපදාවන්ට අත වනමින් සිටින සමහර ගස්කොලන් ඉවත් කිරීම.
03. මාර්ග තදබදයක් ඇති නොවන ආකාරයෙන් දුරස්ථ ඉඩක් තබාගෙන වාහන ගමන් කළ හැකි පරිදි උපදෙස් ලබාදීම.
04. වැදගත්ම දේ වන්නේ එහි සඳහන් හැකි හැම විටම කඩුගන්නාව පසු කරමින් යන නුවර කොළඹ මාර්ගයේ මග හැර වෙනත් විකල්ප මාර්ග භාවිත භාවිතා කරන ලෙස කරන ලද ඉල්ලීමයි.
මේ මගින් සිදුවිය යුතු ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ලබා දුන් උපදෙස් කඩිනමින් ඉටු කිරීම සඳහා දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් සමග කඩිනම් වැඩපිළිවෙලක් යෙදීම පිළිබඳව පූර්ණ අවධානය යොමු කොට අවශ්‍ය පියවර ගැනීම මෙම ස්ථානයට යෑමේ ප්‍රධාන අරමුණ විය