රුවන්වැල්ල උරුමය ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහනට පැමිණි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අප නිවසට පැමිණි මොහොතට විවිධ පක්ෂ වලට සම්බන්ධ දිස්ත්‍රික්කයේ විවිධ දේශපාලන නායකයින්ට ද ආරාධනා කලෙමි.
ඔවුන් වැඩි දෙනෙක් ජීවිත කාලයක් කැපුවත් අරක, කැපුවත් මේක කියු අපේ රටේ ක්‍රමයට හැඩගැසුණු සාම්ප්‍රදායික දේශපාලන චරිතය. යූ.එන්.පී.,ශ්‍රී ලංකා, සමසමාජ, පොදුජන පෙරමුණ, සජබ, ජේවීපී පක්ෂ වලට විවිධ ලෙස ඉතා දැඩිව නායකත්වය දුන් පොදු භාෂාවෙන් කිවහොත් විවිධ කාරයින් එතන සිටියහ.
ඉතා අහිතකර කාලගුණික තත්ත්වය මත ගංවතුර, නාය යෑම්, මහ වැසි මැද්දේ දහස් සංඛ්‍යාත සහෝදර සහෝදරියන් පිරිසක්ද නිවස වටා සහ මාර්ගයේ පවා එක් රොක් වී සිටියහ. විශේෂත්වය වන්නේ අද ඔවුන් සියළුදෙනාම සාම්ප්‍රදායික දේශපාලන සිතුවිලි වලින් මිදී රටේ අවශ්‍යතාව මත දේශපාලන තීන්දු ගැනීම කෙරෙහි නම්‍යශීලී මත වලට පැමිණ සිටීමයි.
ඔවුනට කියන්න කාරණා දෙකක් තිබුණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ රටටය.
- ජනාධිපතිතුමනි, 2022 ආර්ථික වශයෙන් බංකොලොත් වී විනාශ වීමට ගිය රට ඔබ නොබියව ඉදිරිපත්ව බේරාගත් බව අපි පිළිගනිමු.
- ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන කෝණයකින් බැලුවත් ඔබට වඩා සුදුස්සකු ඒ සඳහා ඉදිරිපත් වීමට නැති බව අපේ පැහැදිලි මතයයි. අපි පක්ෂ, පාට භේදයකින් තොරව ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට සූදානම්ය.
එතන තමන්ට සුපුරුදු නිල්, රතු, කොල, දුඹුරු සහ විවිධ වර්ණ ඇඳගත් මිනිස්සු පිරී සිටියහ. ඔවුන්ගේ පණිවිඩය එසේ විය.
කාලයක් ප්‍රාදේශීය සභාව අඛණ්ඩව නියෝජනය කළ එක් මන්ත්‍රීවරයෙක් පැමිණ සිටියේ ඔහුගේ සැමදා නිල ඇඳුම වූ තද රතු පැහැති කමිසය ඇඳගෙනය. ජනාධිපතිතුමා පැමිණීමට පෙර මා ළඟට පැමිණි ඔහු කීවේ “ඇමතිතුමා මම රතු පාට ඇදගෙන ඉන්නකොට ජනාධිපතිතුමා මොනවා හරි හිතාවිද?” කියාය. “නෑ නෑ ඔහොම තමා හොඳ” මම ඔහු අස්වැසුවෙමි. ජනාධිපතිතුමා තම කතාවේදී එය තහවුරු කළේය. එතුමා කීවේ “අපි ඔක්කොම එකතුවෙලා මේ රට හදමු” කියාය