මා අදටත් වැවිලිකරුවෙකි. අදටත් මා එම වෘත්තීය අත නොහැර සිටින්නේ එයින් මා ලබන තෘප්තිය අන් සියළු දෙයටත් වඩා වැඩි නිසාය. පොතයි, ගසයි කියන්නෙ කුඩා කල සිට මා ප්‍රියකල විෂයන් දෙකක්. වැන්දල පළතුරු වත්ත මගේ එක් සිහිනයක් සැබැවීමක්. මේක ලංකාවේ අපෙන් ඈත්වීගෙන යන පළතුරු පැළ රාශියක එකතුවක්. වර්තමාන මෙන්ම අනාගත පරපුරට මෙම එකතුව ගොඩාක් වැදගත් වේවි.
අද හදුන්වා දෙන්නෙ වන පළතුරක් වන ලේ අගුණ. ඔබගේ දැනුමට.. අධ්‍යාපනය ලබන දරුවන්ට මෙය වැදගත් වනු ඇතැයි විශ්වාස කරමි. ඕනෑම කෙනෙකුට කලින් දැනුවත් කිරීමකින් පසු මෙම පළතුරු උයන බලල යන්න පුළුවන්.