මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ජන්ම දිනය යෙදී ඇත්තේ, කම්කරු දිනය යෙදී ඇති මැයි පළමුවැනි දා යි. බහුතර දේශපාලනඥයින් මැයි රැළිවලට සහභාගීව ඇති පසුබිමක සියඹලාපිටිය මහතා අද දිනය මහජන දිනයක් ලෙස ජනතා සේවය සඳහා යොදාගෙන තිබුණා. අද දින තමන් හමුවට ආ මහජනතාව වෙත පුංචි සංග්‍රහයක් ද කිරීමට සියඹලාපිටිය මහතා අමතක කළේ නැහැ.