වරකාපොල නගරය කොළඹ-නුවර මාර්ගයේ ගමන් කරන්නන්ට මහා හිරිහැරයක්ව ඇත්තේ එහි නිරන්තරයෙන් පවතින වාහන තදබදයයි. එය ප්‍රදේශවාසීන්ටද මහත් හිරිහැරයකි. කලකට පෙර ඇරඹි නැවතුනු අතුරු මාර්ග ව්‍යාපෘතිය නැවත ඇරඹීම සදහා ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස උදයකාන්ත ගුණතිලක මැතිතුමා කරන වෑයමට සහාය වීම සදහා මුදල් අමාත්‍යංශයට මාර්ග සංවර්ධන අධිකාරිය සහ භාණ්ඩාගාරයේ නිලධාරීන් කැදවා නීත්‍යානුකූලව ප්‍රමාදයකින් තොරව මග නතරවී තිබෙන මෙම ව්‍යාපෘතිය නැවත ඇරබීම සදහා අවශ්‍ය කටයුතු සංවිධානය කෙලෙමි. එසේම කලක සිට දැදිගම ජනතාවට තවත් දැඩි අවශ්‍යතාවයක් වූ නෙළුන්දෙණිය – ගලපිටමඩ මාර්ගයේ දැදිගම පොලීසිය අසල අතර මග නැවතී ඇති පාලමෙහි වැඩ ඇරඹීම සදහා ද එවැනිම වූ වැඩ පිළිවෙලක් සංවිධානය කොට අදාල ආයතන වලට නිශ්චිත කාල රාමුවක්ද ලබා දුන්නෙමි.