කෑගල්ල කළාපයේ වාණිජ අංශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සදහා සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයට සහභාගී වූයෙමි. ඔවුන් මා හට ආරාධනා කර තිබුනේ මා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හැදෑරූ නිසාවෙනි.
එහිදී මා එම දරුවන්ට ප්‍රකාශ කලේ මා කුඩා කාලයේ වැන්දල කනිෂ්ඨ පාසලෙන්ද පසුව රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පස්වෙනියා ලෙස සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමට හැකිවූ බවයි. ඉන්පසු වාණිජ අංශයෙන් මා ආ ගමන්මග පිළිබද මා ඔවුන්ට විස්තර කලේ ඉතාම නිහතමානී සතුටකිනි. එහිදී මා තීරණය කලේ වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරීමටයි. ඒ එම කාල වකවානුවේ වාණිජ විෂය ගැන තිබූ අවබෝධයකට වඩා මාගේ හොදම මිතුරා එම විෂය මාලාව තෝරාගත් නිසාවෙනි. අහම්බෙන් එම අංශට ගිය මා 1978/79 වසර තුල වාණිජ අශයේ ඒ ඒ විෂයන් වලට පාසලේ වැඩිම ලකුණු ලැබූ දක්ෂතම ශිෂ්‍යයා ලෙස ජේ.ආර්.ජයවර්ධන ආර්යා අතින් සම්මාන සහතික ලබා ගැනීමේ ගෞරවයද මට හිමිවිය.

ඉන්පසු 1979 උසස් පෙළ විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වාණිජ අංශයෙන් හොදම ශිෂ්‍යා ලෙස ඉහළින්ම ලකුණු ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී පත්වූ අතර මා රාජ්‍ය පරිපාලන විද්‍යාවේදී විෂය හැදෑරීමි.
1984 දී විශ්ව විද්‍යාල විභාගය පංති සාමාර්ථයක් සහිතව ඉහලින් සමත්ව තම උපාධිය සම්පූර්ණ මා හට හැකියාව ලැබූ අතර කොස්ටාරිකා රාජ්‍ය විශ්ව විදයාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබද ආචාර්ය උපාධිය ලබා ගැනීමට හැකිවිය.
මෙම සුවිශේෂි අවස්ථාවට දේශකයින් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකාරි අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය වරලත් ගණකාධිකාරී චතුරංග මහත්මාත් ජයසේකර කළමණාකරණ ආයතනයේ විධායක අධ්යක්ෂ සංදීප ජයසේකර මහතාත් සහභාගී වූ අතර මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන දරුවන් සදහා ලැබෙනු ඇති බව මාගේ විශ්වාසයයි.
එලබෙන උසස් පෙළ විභාගයෙන් ඉහලින් සමත්ව ලොව ජයගන්නට ඔබ සැමට හැකිවේවායි මා ප්‍රාර්ථනා කරමි.