
රුවන්වැල්ල, යටන්වල ශ්‍රී ස්වර්ණවාලුකාරාම විහාරස්ථානයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සුවිශාල ජන සහභාගිත්වයකින් ඊයේ දින (27) පැවැත්විණි. එහි වැදගත්ම කාරණාව වූයේ පූජ්‍ය ඇත්වැව සුනන්ද විහාරාධිපති නායක ස්වාමීන්වහන්සේ පූර්ණ නායකත්වයෙන් මුළු ප්‍රදේශයම එක්කාසු කරගෙන එයට දායක කරගැනීමයි. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ රුවන්වැල්ල නගරය සිංහල බෞද්ධයින්, සිංහල කතෝලිකයින්, මුස්ලිම් බැතිමතුන් වාගේම දමිළ හින්දු බැතිමතුන් ගෙන් සැදුම්ලත් නගරයක් වන අතර මේ නගරයේ සියලු දෙනා එකසේ මෙම පෙරහර මංගල්‍යයට දායකවීමත්, සම්බන්ධවීමත් එසේම ඔවුන් එකතුවන ප්‍රධාන වේදිකාව බවට ස්වර්ණවාලුකාරාම පෙරහැර මංගල්‍ය පත්වීමත් අපෙන් ඈත් වේගෙන යන සංස්කෘතිකාංග ආරක්ෂාවීමත් මෙහි ඇති ඉතාම වැදගත් සිද්ධියක් ලෙස සටහන් කල හැක.