ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, ජනාධිපති අරමුදලෙන් විශේෂයෙන් උදව් අවශ්‍ය පාසල් වල දරුවන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කර ඇත. තෝරා ගැනීම නිර්ණායක රැසක් මත අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු කෙරුණකි. මේ යටතේ කෑගල්ලේ අපේ දරුවන් හාරදාහකට ආසන්න ශිෂ්‍යත්ව ලබා ගැනීමේ අවස්ථාව සැරසී ඇත. ශිෂ්‍යත්වලාභී දරුවන්ට අලුත් අත්දැකීමක් ගෞරවයක් ලැබෙනසේ සියලු දෙනා එක් කරගෙන තවත් තෑගි බෝග රාශියක් පිරිනමමින් මේ අවස්ථාව සංවිධානය කළෙමි. මේ පිළිබඳව කිතුල්ගල කලාපයේ ඈත ගමකින් පැමිණි එක් අහිංසක අම්මා කෙනෙක් ගැමි භාෂාවෙන් මා හමු වූ විට උත්සවය පිළිබඳ කෙටි විශ්ලේෂණයක් කළාය. “ඇමතිතුමා මගේ දරුවා ඉගෙන ගන්න හරි දක්ෂයි. ඒ ගැන අපි දන්නෙත් නැතුව ඉස්කෝලෙන්ම හොයලා ශිෂ්‍යත්වයක් දුන්නාට ජනාධිපතිතුමා බුදු වෙන්න ඕන. දැන් අපි වැටිලා ඉන්න තැන ඉඳලා බලනකොට කොච්චර හොඳද? මේ සියල්ල හොඳට සිද්ධ වෙනකොට අපිට හරි සතුටුයි” අපේ ගැමියන්ගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමකදී බුදු වේවායි ප්‍රාර්ථනා කිරීම ඔවුන්ගේ නිර්ලෝභී ස්තූතියි. ඇය අවංකම ගැමි කාන්තාවකි. එහෙත් වැදගත්ම දේ ඇයට අපේ සමාජයේ බොහෝ දෙනෙකුට වැඩිය සාපේක්ෂව යමක් ගැන හිතන්න තිබූ මතකයයි. වෙනදාට වඩා අද කොතරම් හොඳයිදැයි අසන්නේ ඒ නිසාය. සමහරුන්ට නැත්තේද එයමයි.

ජනාධිපති අරමුදල මීට වසර දෙකකට පෙර තිබුණේ මූලික වශයෙන් රෝගියෙකුටවත් උදව් කරගත නොහැකි අකර්මණ්‍ය තත්ත්වයකය. 2022 අගෝස්තු වන විට රෝගීන් සඳහා වූ ඉල්ලුම්පත්‍ර 8000 කට වැඩි ප්‍රමාණයක් ආධාර දීගත නොහැකිව ගොඩගැසී තිබුණි. අද ඒ සියල්ල ගෙවා මෙතෙක් ගෙවූ මුදල් 2024 දී 50% සිට 100% දක්වා වැඩි කොට ඊට අමතරව මෙවැනි විශේෂ ප්රතිලාභයන් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන තැනට අරමුදල ප්‍රවර්ධනය කිරීම රටේ වෙනස පිළිබඳවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳවත් ඉතා හොඳ කැඩපතක් යැයි මට සිතේ.