වතුපිටිවල පිහිටි ගම්පහ දිස්ත්රික් ගෘහස්ථ ක්රීඩාගාරයේ පැවති 48 වැනි ජාතික මහා වොලිබෝල් තරගාවලියේ ප්රධාන අමුත්තා ලෙස සහභාගි විය. අවසාන තරග සටන පැවතියේ සබරගමු පළාත සහ වයඹ පළාත අතරය. කාන්තා තරගයත් පිරිමි තරගයත් දෙකම ඉතා තියුණු තරඟයකින් පසු වයඹ පළාත ජයගත් අතර සබරගමු පළාතට දෙවන ස්ථානය හිමි විය. කෙසේ වුවත් මේ සියල්ලම සුවිශේෂී ජයග්රහණයන්ය. ජාතික කණ්ඩායමට, අපේ රටේ වොලිබෝල් අනාගතයට දක්ෂ ක්රීඩක ක්රීඩිකාවන් බිහිවන වේදිකාවක් එහිදී දක්නට ලැබීම සතුටට කරුණකි. එසේම මෙවැනි ජාතික මට්ටමේ තරගාවලි වල අප ක්රීඩා කළ සමයේ සබරගමු පළාතට, කෑගල්ල දිස්ත්රික්කයට ලංවීමට නොතිබූ ඉඩ විවර වී තිබීම දැකීමද තවත් පැත්තකින් විශේෂ සතුටක් ගෙන දෙන්නෙකි.