කෑ/දෙහි/කබුළුමුල්ල ළමා මිතුරු ආදර්ශ කණිෂ්ඨ විදයාලයේ දරුවන් පසුගිය දා පාර්ලිමේන්තුව නැරඹීම සදහා එක්විය. ඊට පෙර දිනක මා එම පාසලේ නිරීක්ෂණ චාරිකාවක් සදහා ගිය අවස්ථාවේ එම දරුවන් සදහා අපගේ ව්‍යවස්ථාදායකය නැරඹීම සදහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස එහි විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස පත්වී ඇති වැන්දල විහාරස්ථානයේ ගරු වජිර බුද්ධි ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය කරන ලද ඉල්ලීමකට අනුව එම අවස්ථාව උදා කරලීමට හැකිවිය.
එහිදී වූ විශේෂත්වය වූයේ එදින පාර්ලිමේන්තුව වෙත පැමිණි ගරු ජනාධිපතිතුමාද මෙම දරුවන් වෙත පැමිණ ඔවුන් සමග සුහද කථාබහක නිරත වී ඡායාරූපයකට පෙනී සිටීමයි.
